උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය

උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණයෙන් (irritable bowel syndrome (IBS)) පෙලෙන සියලු දෙනාට නිර්දේශ කල හැකි නිශ්චිත ආහාරයක් හෝ ඖෂධයක් නොමැත. නමුත් ඔබට එම රෝගය ඇතැයි විනිශ්චයක් ලැබුවහොත්, ඔබට උපකාරයක් විය හැකි බොහෝ දේ ඇත.

උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණයේ (IBS) රෝග ලක්ෂණ මග හරවා ගැනීමට සාමාන්‍ය ක්‍රම කිහිපයකි .

කලයුතු දේ

  • ඔබට හැකි සෑම විටම, අලුත් අමුද්‍රව්‍ය යොදා ගෙන ආහාර නිවසේදී ම සකස් කර ගන්න
  • ඔබ ගන්නා ආහාර, ඔබගේ රෝග ලක්ෂණ පිලිබඳව සටහන් තබා ගන්න. ඔබගේ රෝග ලක්ෂණ උත්සන්න කරවන හේතූන් මගහැරීමට උත්සාහ කරන්න
  • තත්වය සමනය කරගත හැකි ක්‍රම සොයාගැනීමට උත්සාහ කරන්න
  • හැකි පමණ ව්‍යායාම් කරන්න
  • ප්‍රෝබයෝටික් (probiotic) මාසයක් පමණ ගෙන, ඉන් උපකාරයක් ලබා ගත හැකි දැයි බලන්න

නොකල යුතු දේ

  • ආහාර වේල් පමා කිරීමෙන් හෝ මග හැරීමෙන් වලකින්න
  • වේගයෙන් ආහාර ගැනීමෙන් වලකින්න
  • අධික තෙල් සහිත, මිරිස් සහිත හෝ කලින් සකස් කරන ලද ආහාර ගැනීමෙන් වලකින්න
  • දිනකට නැවුම් පලතුරු වේල් තුනකට වඩා ගැනීමෙන් වලකින්න.(එක් වේලක් ග්‍රෑම් 80කි)
  • දිනකට තේ හෝ කෝපි කෝප්ප තුනකට වඩා පානය කිරීමෙන් වලකින්න
  • මද්‍යසාර හෝ සිසිල් බීම අධික ලෙස පානය කිරීමෙන් වලකින්න

බඩ පිපීම, බඩ පෙරලීම, අධෝවාත පිටවීම සමනය කර ගන්නේ කෙසේද

  • නිතිපතා ඕට්ස් (කැද ආකාරයට) ආහාරයට ගන්න
  • දිනකට හණ ඇට තේහැන්දක් පමණ ප්‍රමාණයක් ආහාරයට ගන්න
  • දිරවීමට අපහසු ආහාර ගැනීමෙන් වලකින්න (ගෝවා, බ්‍රොකෝලි, මල්ගෝවා, දලු ගෝවා, බෝංචි, ලූණු සහ වේලපු පලතුරු වැනි)
  • සෝබිටෝල් නම් පැණිරසකාරකය අඩංගු නිශ්පාදන ගැනීමෙන් වලකින්න
  • බස්කොපන් (buscopan) සහ පෙපරමින්ට් (pepermint) ඔයිල් වැනි සහනයක් ලැබිය හැකි ඖෂධ පිලිබඳව ඖෂධවේදියෙකුගෙන් විමසන්න

පාචනය අවම කර ගන්නේ කෙසේද

  • සම්පූර්ණ ධාන්‍ය අඩංගු ආහාර(දුඹුරු පාන් සහ නිවුඩු සහල් වැනි), කජු වර්ග සහ ඇට වර්ග වැනි තන්තු බහුලව අඩංගු ආහාර ගැනීම අවම කරන්න
  • සෝබිටෝල් (sorbitol) නම් පැණිරසකාරකය අඩංගු නිශ්පාදන භාවිතයෙන් වලකින්න
  • ඉමෝඩියම් (ලොපෙරම්යිඩ් )imodium (loperamide) වැනි සහනයක් ලබා ගත හැකි ඖෂධ පිලිබඳව ඖෂධවේදියෙකුගෙන් විමසන්න

වැදගත්- ඔබට දිගටම පාචනය පවතීනම්, විජලනය වීමෙන් වලක්වා ගැනීමට අවශ්‍ය පමණ ජලය පානය කිරීමට මතක තබා ගන්න.

මල බද්ධය සුව කර ගන්නේ කෙසේද

  • ඔබගේ මල පහ දැඩි බවට පත් නොවීම සඳහා වැඩිපුර ජලය පානය කරන්න
  • ඔබ ආහාරයට ගන්නා ද්‍රාවය තන්තු ප්‍රමාණය වැඩි කරන්න-ඕට්ස්, පියලි ධාන්‍ය, කැරට්, අර්තාපල් සහ හණ ඇට ගුණදායක ආහාර වේ
  • ෆයිබෝජෙල් (fybogel) හෝ සෙලිවැක් (Celevac) වැනි උපකාරයක් විය හැකි විරේක කාරක ඖෂධ පිලිබඳව ඖෂධවේදියෙකුගෙන් විමසන්න

ඔබේ දැනුමට:

ඔබේ තත්ත්වය බරපතල නොවේ නම් උපදෙස්: ඔබට පහත ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න:

  • ආහාර රටාව වෙනස් කිරීමෙන් සහ ඖෂධවේදියාගෙන් ලබා ගත් ඖෂධ වලින් ඔබට උපකාරයක් නොලැබුනේ නම්
  • ඔබගේ රෝග ලක්ෂණ පාලනය කිරීම සඳහා විවිධ ආහාර වර්ග ගැනීමෙන් වැලකිය යුතුය

ඔවුන් ඔබව උපදෙස් ලබා ගැනීම සඳහා පෝෂණවේදියෙකු වෙත හෝ ඒ හා සම්බන්ධ විශේෂඥයෙකු වෙත යොමු කරනු ඇත. එසේම ඔබට අනෙකුත් ප්‍රතිකාර ක්‍රම උත්සාහ කර බැලීමටද යෝජනා කරනු ඇත.